වවුනියාවේ ඉඳන් යාපනයට යන්නෙ බස් ඔක්කොම එකට. ඔක්කොම බස් 23ක් තිබ්බා. හැම බස් එකකටම එක හමුදා නිලධාරියෙක් ගානෙ දානව. මම හිතන්නෙ අතර මගින් කව්රු හරි නගී කියල වෙන්න ඇති. පාර හොඳයි කියන්න තරම් වරදක් නෑ. එතන ඉඳන් හරියට බන්කර් තියෙනවා පාර දෙපැත්තෙම. මේ බන්කර් හරි විශේෂයි. ඒව හදල තියෙන්නෙ අමුතු අමුතු විදියට. හරි කලාත්මකයි. බැහැල ෆොටෝ ගන්න තිබ්බනම් ශෝක්. මොනා කරන්නද බහින්න දෙන්නෙ නෑනෙ.පාර දෙපැත්තම හමුදාවෙන් සුද්ද කරනවා. පාරවල් ඔක්කොම වගේ හදල අලුතින්. ඒ පාරවල් දෙපැත්තේ කෑගල්ල, වරකාපොල වගේ කොලඹ - නුවර පාරෙ හම්බවෙන නගර වල නම් ගහල තිබ්බ....
ඒ කාලය ආයේ පතමි !
6 years ago