යාපනේ ට්‍රිප් එකේ කට්ට මුලින්ම පටන් ගත්තේ මැදවච්චිය හරියෙ විතර. අර කිලිනොච්චියෙ යනව කියල ගිය මැදවච්චිය.. අන්න එහේ. පලවෙනි චෙක් පොයින්ට් එක. අපි ඔක්කොම බැස්ස. ඔක්කොම බෑග් අරගෙන පෝලිමේ එන්න කිව්වා. අනේ ඉතින් රට අතැර යනවා වගේ සබ්බ සකල මනාවම කද බැඳ ගත්තු ආච්චිල සීයල අමාරුවෙන් අමාරුවෙන් ඔක්කොම උස්සගෙන ගියා. එතන හැම දෙනාම ලියා ගන්නවා. රෙජිස්ටර් කොරනවලු. මමත් ඉතින් පෝලිමේ හිටියා. මගේ අයිඩෙන්ටි කාඩ් එක බලපු හමුදාවෙ අය්යා මගේ හිස මුදුනේ සිට දෙපතුල වෙනතුරු දෙතුන් පාරක් බැලුවා. පස්සෙ එයා ලඟ හිටිය සීනියර් ඔෆිසර් කෙනෙක්ගෙන් අහනවා;
"මේ නම තියෙන අයවත් ලියා ගන්නවද ?"
මොකෑ...... මේ නම ? මගේ නමේ මොකද්ද තියෙන අමුත්ත ? මගේ නම තියෙන ඇමති කෙනෙක්වත් ඉන්නවද දන්නෙ නෑ. අපේ ඇමති මණ්ඩලේ සයිස් එකේ හැටියට ඉතින් ඒකත් වෙන්න බැරි නෑ. ඔය ඉන්න එකසිය ගානම අපි දන්නෙ නෑනෙ. පස්සෙ බැලුවම කේස් එක මම සිංහල නිසා. මිනිහට අප්සට් හිතෙන්න ඇති ඔක්කොම දෙමල අය ඉස්සරහා සිංහල අය ලියාගන්න ඕන නැති බව කියන්න.
කෙසේ වෙතත් එච්චර අවුලක් නැතුව චෙක් කරල ඉවර උනා. එතනින් පස්සෙ පාර නම් පිස්සු හැදෙනවා. කියල වැඩක් නෑ. මේ වගේ පාරවල් හදන්න බැරි ඇයි ලංකාවෙ අනිත් තැන් වල. ඊලඟ චෙක් එක වවුනියාවේ. ආයෙත් සබ්බ සකල මනාව කර තියාගෙන චෙක් පොයින්ට් එකට ගියා.
MILK FATHER DOG JUMPING (කිරි අප්පට බල්ලො පැනපි) මිනිස්සු තොගේ. අඩුම තරමෙ 10000 ක් වත් එතන. පෝලිම තියෙනවා හැතැම්ම ගානක් දිගට. කොහොම නමුත් අපේ බස් එකේ ආපු අයට මහ ලොකු පෝලිමක ඉන්න උනේ නෑ. (සුඛෝපභෝගී බස් රථයක් නිසා වෙන්න ඇති) වෙනම පෝලිමකින් ඇතුලට ගියා. ඒ උනාට ඇතුලෙ ඉන්න උනා හෙන වෙලාවක්. අපිට ඇහුන කව්ද මන්ද කියනවා අයිදෙන්ටි කාඩ් එකේ ෆොටෝ කොපි දෙකක් ඕන කියල. මලා අපි ගෙනාවෙ එකයි. ඇන්ඩෲව යැව්ව ලඟ තිබ්බ තැනකින් වැඩේ කරගෙන එන්න. මිනිහ ඉතින් දෙමල නෙ. මම ගිහින් මේ මිනිස්සුත් එක්ක කතා කරන්නවත් බෑනෙ.
ඇන්ඩෲ වැඩේ කරගෙන එනකන් මම ඉතින් වයසක අංකල්ලා, ඇන්ටිලා එක්ක කතා කර කර හිටියා. ඔය අතරේ තමා මම දැක්කේ එතන ගහල තිබුන සමහර බෝඩ්.
"WEITIN ARIA" - මම හිතන්නෙ ඒ කියන්නෙ WAITING AREA කියන එක. තව ඔයවගේ ගොඩක් තිබ්බ. අනේ අනිච්චං.
මිනිස්සු දාඩිය පෙරාගෙන බලාගෙන ඉන්නවා. එතනත් රෙජිස්ටර් වෙන්න ඕනෙ. දස දහස් ගණනක මිනිස්සු රෙජිස්ටර් කරන්න ඉන්නේ 4 දෙනයි. රෙජිස්ටර් කලාට පස්සෙ චෙක් කරන්න ඉන්නේ දෙන්නයි. අනේ අපේ මිනිස්සු තව පොඩ්ඩක් කල්පනා කරල වැඩ කරනවනම්.
කොහොම හරි පැය එකහමාරක් බලන් ඉඳල අපේ වාරෙ ආව. මොනාද මේ අය ලියා ගන්නෙ ? නම අහනවා, පදිංචිය අහනවා, යනෙ කොහෙද අහනවා. ඊට පස්සෙ ලියා ගන්නවා. මම නිකමට වගේ ලියන පොත දිහා බැලුවා. මොකද්ද ඒ භාෂාව ? ඉරි කෑලි. නිකම්ම නිකන් ඉරි කෑලි. මේ ඒ මනුස්සයගේ අකුරු වල නොපැහැදිලි කම ගැන කරන අතිශයෝක්තියක් නෙමේ. ඒවා නිකම්ම නිකන් සරල රේඛා. අපි පැය ගානක් දුක් වින්දේ ඒකටද ?
කොහොම හරි එතන ඉරි කෑලි රෙජිස්ටර් කරල අපි යන්තම් එලියට ආවා. එතන හිටපු මිලිටරි පොලිස් අය්ය කෙනෙක් අපෙන් ඇහුව;
"මොන මගුලකට කට්ට කන්න ආවද බන්, තව මාසෙකින් ආවනම් මේ කරදර එකක්වත් නෑ."
අපි මුකුත් නොකියා හිනා වේගෙන යන්න ගියා. වවුනියාවේ සිට යාපනයට ඊලඟ කොටසින් බලාපොරොත්තු වෙන්න.
ඒ කාලය ආයේ පතමි !
6 years ago
අපිත් ලබන මහේ යන්න ඉන්නෙ හැබැයි DM එකෙන් අවසර ඇතුව.. අපිට පෝලිං නැතිවෙයි මයෙ හිතේ.