වවුනියාවේ ඉඳන් යාපනයට යන්නෙ බස් ඔක්කොම එකට. ඔක්කොම බස් 23ක් තිබ්බා. හැම බස් එකකටම එක හමුදා නිලධාරියෙක් ගානෙ දානව. මම හිතන්නෙ අතර මගින් කව්රු හරි නගී කියල වෙන්න ඇති. පාර හොඳයි කියන්න තරම් වරදක් නෑ. එතන ඉඳන් හරියට බන්කර් තියෙනවා පාර දෙපැත්තෙම. මේ බන්කර් හරි විශේෂයි. ඒව හදල තියෙන්නෙ අමුතු අමුතු විදියට. හරි කලාත්මකයි. බැහැල ෆොටෝ ගන්න තිබ්බනම් ශෝක්. මොනා කරන්නද බහින්න දෙන්නෙ නෑනෙ.
පාර දෙපැත්තම හමුදාවෙන් සුද්ද කරනවා. පාරවල් ඔක්කොම වගේ හදල අලුතින්. ඒ පාරවල් දෙපැත්තේ කෑගල්ල, වරකාපොල වගේ කොලඹ - නුවර පාරෙ හම්බවෙන නගර වල නම් ගහල තිබ්බ. මොකෝ කියලනම් මම දන්නෙ නෑ. ඒ මදිවට සමහර පාරවල් වලටත් ගහල තිබ්බෙ මහ අමුතු නම්. "දොල ලඟ ගුරු පාර" වගේ නම්.
අතරමගදි හම්බ වෙනවා හමුදාවෙන් කරන කෑම කඩයක්. ඒකෙ නැති දෙයක් නෑ. අනිත් පෞද්ගලික වෙලඳ සැල් වගේ නෙමේ මේකෙ හැම දෙයක්ම ලාබයි. කෑමත් උණුවෙන් හම්බ වෙනවා. වැසිකිලි, කැසිකිලි එහෙම හොඳ පිරිසිඳුවට තියෙනවා.
ඊලඟට හම්බවෙනවා කිලිනොච්චිය. අර එක මී හරකෙක් කිව්ව වගේ මැදවච්චිය නෙමේ. ඇත්තම කිලිනොච්චිය. කොටින්ගේ ඩිෆැක්ටෝ කැපිටල් එක. බැලුවම මාර දුකයි. ගොඩනැගිලි ඔක්කොම නිකන් පෙනේර වගේ. කිසිම ගොඩනැගිල්ලක් ඉතුරු වෙලා නෑ. හොස්පිටල් එක විතරයි ඉතුරු වෙලා තිබ්බෙ.
ගස් කොලන් වල වෙනස් වීම දැන් ටික ටික පේනවා. පොල් ගස් අඩු වෙලා තල් ගස් වැඩි වෙනවා. තාමත් අපි යාපන අර්ධද්වීපයට ගියේ නෑ. ප්රධාන ගොඩබිම යාපන අර්ධද්වීපයට සම්භන්ධ වෙන්නෙ අලිමංකඩදි. පාමංකඩ නෙමේ හොඳේ. අලිමංකඩ හරිම ලස්සන තැනක්. ඒ උනත් අවාසනාවට ඉතින් නැවතිලා බලන්න හම්බ වෙන්නෙ නෑ.
යාපන අර්ධද්වීපය හරිම සාමාන්යයි. හමුදාවෙන් පේන්න හිටියේ නැත්නම් මෙහෙ යුද්ධයක් තිබ්බ කියලවත් හිතන්න බෑ. කොහොම හරි අපි යාපනේ ටවුන් එකට එනකොට 3.30 විතර උනා. අපේ යාලුවා අශාන් ඒ වෙනකොට එතනට ඇවිත් හිටියා.
ඒ කාලය ආයේ පතමි !
6 years ago